මටත් පාසල් යන කාලයේ ප්‍රේමයක් තිබුණා

මේ දිනවල හිරු ටී.වී ඔස්සේ විකාශය වන, හුස්මක් තරමට ටෙලි නාට්‍යයේ අසේලි ලෙස ප්‍රේක්ෂකයන් හමුවට එන සචිනි රුවන්තිකා මෙරට ටෙලි නිළි පරපුරට එක්වූ අලුත් මුහුණක්. මෙය ඇගේ තුන්වැනි ටෙලි නාට්‍යය වුවත්, නිළියක් ලෙස තමන්ට වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවුණේ හුස්මක් තරමට ටෙලිනාට්‍ය තුළින් බවයි සචිනි පවසන්නේ.

සචිනි රිද්ම සමග කතා බහකට එකතු වන පළමු අවස්ථාව මෙය නිසා අපි මුලින්ම කැමතියි ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැන ගන්න.

මගේ ගම කිරිබත්ගොඩ. මම ඉගෙන ගත්තේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් ශාන්ත ජෝශප් බාලිකා විදුහලින්. පාසලෙන් ඉවත් වුණාට පස්සේ මම පෞද්ගලික ආයතනයක රැකියාවක් කළා. දැන් නම් රැකියාවෙන් ඉවත් වෙලා මගේ සම්පූර්ණ කාලයම රංගනය වෙනුවෙන් යොදවලයි තියෙන්නේ.

හුස්මක් තරමට කියන්නේ ඔබ ප්‍රධාන චරිතයක් රඟපාන පළමු අවස්ථාව නේද?

ඔව් …. මම අඟුණ සිත්තම් සහ උරුමක්කාරයෝ කියන ටෙලි නාට්‍යවල මීට කලින් රඟපාලා තියෙනවා. හැබැයි ඒ ප්‍රධාන චරිත නොවෙයි. ඊටත් පෙර මම වෙළෙඳ දැන්වීම් කීපයකට පෙනී සිටියා. මේ වෙද්දී මම වෙළෙඳ දැන්වීම් 15ක විතර රඟපාලා තියෙනවා. මම ටෙලි නාට්‍යයක ප්‍රධාන චරිතයක් රඟපාන පළමු අවස්ථාව තමයි හුස්මක් තරමට අසේලිගේ චරිතය.

කොහොමද ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර?

ටෙලි නාට්‍යය පටන් අරගෙන තවම කොටස් කීපයයි විකාශය වෙලා තියෙන්නේ. ඒ කෙටි කාලය තුළදී ගොඩක් ප්‍රතිචාර ඒ වෙනුවෙන් මට ලැබුණා.

ඒ අතර හොඳ වගේම නරක ප්‍රතිචාරත් ඇති නේද?

ඔව්. ඕනෑම දෙයක දෙපැත්තක් තියෙනවානේ. මේ ටෙලි නාට්‍යය සහ මගේ රංගනය ගැනත් ඕනෑම කෙනෙකුට තමන් කැමති අදහසක් දක්වන්න අයිතියක් තියෙනවා.

පාසල් ඇඳුමින් සැරසී පෙම් කිරීම ගැන ”හුස්මක් තරමට” ටෙලි නාට්‍යයට බොහෝ විවිෙචන එල්ල වෙනවා. ඒ අය අතර ඔබවත් විවේචනය කළ අය ඉන්නවාද?

පෞද්ගලිකව මට කතා කරලා බැණපු අයවත්, දුරකථනයෙන් බැණපු අයවත් නැහැ. හැබැයි ටචජඥඡධධඬ හරහා ඒ වගේ දෝෂාරෝපණ එල්ල වෙලා තිබුණා.

මොකද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ?

පාසල් ඇඳුමින් පෙම් කරන අය ටෙලි නාට්‍ය වලින් පෙන්වීම නිසා පාසල් යන ළමයි වැරදි මගට යොමු වෙනවා කියන අදහසට මම විරුද්ධයි. අපි පාසල් යන කා‍ලේ අපිට ටෙලි නාට්‍ය බලන්න අම්මලා ඉඩ දුන්නේ නැහැ. පාසල් යන ළමයි ටෙලි නාට්‍ය නරඹන්නේ නැහැ. අනික පාසල් ප්‍රේමය මහ ලොකු දෙයක් නොමෙයි. පාසල් යන කා‍ලේ පෙම් නොකළ කෙනෙක් ඉන්නවාද කියන එකයි ප්‍රශ්නේ. මොකද පාසල් යන කා‍ලේ අපි හිතින් හරි කාට හරි පෙමි කරනවා.

සචිනිත් පාසල් යන කා‍ලේ ප්‍රේමවන්තියක්ද?

ඔව්.

කැමතිද ඒ කුළුඳුල් ප්‍රේමය ගැන කතා කරන්න.

එතකොට මම හිටියේ නවය වසරේ. එයත් නවය වසරේ. ඒක හරිම සුන්දර ප්‍රේමයක්. හැබැයි සාමාන්‍ය පෙළ විභාගය ඉවර වුණාම ඒ ප්‍රේමයත් ඉබේම නිමාවට පත්වුණා.

මේ වෙද්දී ඔබට ප්‍රේම සම්බන්ධතා කීයක් තිබිලා තියෙනවද?

ප්‍රේම සම්බන්ධතා තුනක් තිබිලා තියෙනවා. හැබැයි දැන් ඒ හැම සම්බන්ධයක්ම ඉවරයි. මොකද දැන් මම සම්පූර්ණ කාලය යොදවලා තියෙන්නේ කලාව වෙනුවෙන්මයි.

කොටස් සීයෙන් දෙසීයෙන් කියලා පටන් ගන්න මෙගා නාට්‍ය කාලයක් එක්ක කොටස් 500-1000 දක්වා දුර යනවා. ඒවායේ නළු නිළියෝ වෙන්වෙනවා. මෙගා ටෙලි නාට්‍යයකට එකතු වී සිටින සචිනිට ඒ ගැන මොකද කියන්න තියෙන්නේ.

මෙගා ටෙලි නාට්‍යවල කොටස් ගණන වෙනස්වීම සාමාන්‍ය දෙයක්. අපි යම් නිර්මාණයක චරිතයක් භාර ගත්තා නම් දිගටම ඒක තුළ ඉදීම අපේ වගකීමයි. මම නම් කිසිදාක භාරගත් වගකීමක් අතර මගදී අතහැරලා දාන කෙනෙක් නමෛයි.

මොනවද ඔබේ අනාගත බලා‍පොරොත්තු?

නිළියක් විදියට හොඳ නිර්මාණවලට දායක වීම තමයි මගේ ලොකුම බලා‍පොරොත්තුව

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *