සංචාරක පොඩ්ඩන්ට මංගලගෙන් පොලී රහිත ලක්ෂ 5ක ණයක්

පසුගිය අප්‍රේල් 21 වන දින ඇති වු ඛේදවාචකය හේතුවෙන් විශේෂයෙන් සංදාචාරක කේෂ්ත්‍රය විශාල වශයෙන් පසු බෑමකට තාවකාලික වශයෙන් ලක්ව ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

ජාත්‍යන්තර ත්‍රස්ථවාදය සම්පූර්ණයෙන් පාලනය කිරීමට ආරක්ෂක අංශ හැකිවී තිබුණත් එම ඛේදවාචකයෙන් බොහෝ අයට ඇති වු පසුබෑම් පවතින බවත් එම තත්ත්වයන් අවම කිරීමට රජය යම් යම් සහන රැසක් ලබා දී ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

එක් අතකින් මෙම සිදුවීමෙන් පසුව සතියක් වැනි කාලයක් තුළ ප්‍රධාන පෙළේ සංචාරක ආයතනය හා හෝටල්වලට සහන රැසක් ලබා දුන් බව ද පැවසු මංගල සමරවීර මහතා, පසුව එම ප්‍රධාන ව්‍යාපාරකරුවන්ට අමතරව සුළු වශයෙන් ව්‍යාපාර කටයුතු සිදු කල අයටත් එහි බලපෑම් එල්ල වී ඇති බව දැන ගැනීමට ලැබුණු බව ද පැවසිය.

එක් අතකින් සංචාරක ව්‍යාපාරයේ නිල අංශයට අමතරව, ඇල්ල හා මිරිස්ස වැනි සංචාරක මධ්‍යස්ථානවල නිල නොවන වශයෙන් ද සංචාරක ව්‍යාපාරයේ නියැලී ඇති බවත් මෙයින් ඔවුන් ඉතාමත් සමෘද්ධිමත් ජීවිතයක් ගත කර ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටි අතර, ප්‍රහාරවලින් පසුව ඔවුන් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇතැයි ද කියා සිටියේය.

නමුත් රජයක් ලෙස විශේෂයෙන් ජනතාවගේ ගැටළුවලට සංවේදී රජයක් ලෙස මොවුන් යම් සහනයක් ලබා දෙන්නේ කෙසේ ද යන්න ගැන සාකච්ථා කල බවත් ඒ අනුව දැනටමත් ප්‍රකාශයට පත් කල ප්‍රධාන සංචාරක ව්‍යාපාරයන්ට ලබා දුන් සහනවලට අමතරව “සංචාරක පොඩ්ඩන්ට“ විශේෂ සහනයක් ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය යටතේ ජුනී මාසයේ 10 වන දා සිට “සංචාරක පොඩ්ඩෝ ණය යෝජනා ක්‍රමය“ හඳුන්වා දෙනවා දී ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ යටතේ රුපියල් ලක්ෂ 5 උපරිම දක්වා පොලී රහිත ණයක් ලබා දෙන අතර එම ණය මුදල සඳහා වසරයක සහන කාලයක් ලබා දීමට හා වසර 3 ක ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් නියම කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

වසරක් තුළ දී මොවුන්ට සංචාරක ව්‍යාපාරය නඟා සිටුවීමට බලාපොරොත්තු වන බවත්, මේ සඳහා රජය ලබා දෙන පොලී සහනාධාරය රජය විසින් අදාළ බැංකුවට ලබා දෙන බවත්, මෙම ණය යෝජනා ක්‍රමය ලබා දීම ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට පමණක් සීමා කරන බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *