ලෝක කුසලාන පුහුණු තරගවලදී කොදෙව්වන්ට සහ ඉන්දියාවට දැවැන්ත ජයග්‍රහණ

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති පුහුණු තරගවලදී දැවැන්ත ජයග්‍රහණ වාර්තා කිරීමට ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමත් වුණා. බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවති පුහුණු තරගය ඉන්දීය පිල ජයගත්තේ ලකුණු 95කින්.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 359ක් රැස් කළා. මහේන්ද්‍ර සිං දෝණි පන්දු 78කදී ලකුණු 113යි. කේ එල් රාහුල් පන්දු 99කදී ලකුණු 108ක් රැස් කළා. පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 03ක දී සියල්ලන් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 264ක් පමණයි. මුස්ෆිකර් රහීම් ලකුණු 90ක් රැස් කළා. කුල්දීප් යාදෙව් ලකුණු 47කට කඩුලු 03ක් බිඳ හෙළුවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නවසීලන්තය සමඟ පැවති පුහුණු තරගය ජය ගත්තේ ලකුණු 91කින්. පළමුව පන්දුවට පහරදුන් කොදෙව් පිල පන්දුවාර 49.2ක දී සියල්ලන් දැවී ලකුණු 421ක් රැස් කළා. ෂායි හෝප් පන්දු 86කදී ලකුණු 101යි. එවින් ලෙවිස් සහ ඇන්ඩ්රේ රසල් අර්ධ ශතක වාර්තා කළා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 47.2කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 330ක් පමණයි. ටොම් බ්ලුන්ඩෙල් පන්දු 89කදී ලකුණු 106ක් රැස් කළ අතර කේන් විලියම්සන් පන්දු 64ක දී ලකුණු 85ක් රැස් කළා. කාලොස් බ්‍රැත්වෙට් ලකුණු 75කට කඩුලු 03ක් දවා ගත්තා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *