කපමින් සිටි ගසකට යට වී පුද්ගලයෙකු මරුට

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ මහගොඩයාය ප්‍රදේශයේ දී ගසකට යට වීන් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙම පුද්ගලයා විසින් ගසක් චෙන්සෝ යන්ත්‍රයක් මඟින් කපමින් සිට ඇති අතර එම ගසෙහිම අත්තකට යට වීමෙන් මෙම පුද්ගලයා මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මදුරුකැටිය මොනරාගල ලිපනයේ පදිංචි වයස අවුරුදු 29ක නුවන් චානක නැමති එක් දරු පියෙකි.

මියගිය පුද්ගලයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනියම් සේවකයෙකු ලෙස සේවය කරන අයෙක් වන අතර මෙම අනතුර සිදු වන අවස්ථාවෙදී අමතර වැඩක් සඳහා ගස් කැපීමට ගොස් තිබේ.

මළ සිරුර මොනරාගල මහ රෝහලේ තැන්පත් කර ඇති අතර බුත්තල පොලීසිය ඉදිරි විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *