UNP පාක්ෂිකයින්ට පමණක් සමෘද්ධි දිමනාව ලබාදෙන බවට චෝදනාවක්

එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයින්ට පමණක් සමෘද්ධි දිමනාව ලබාදීමේ වැඩපිළිවෙලක් මේ වන විට. ක්‍රියාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිළධාරීන්ගේ සංගමය පවසයි.

එහි ලේකම් ජගත් කුමාර මහතා පවසන්නේ සමෘද්ධි නිළධාරින් සහ ග්‍රාමසේවා නිළධාරින් විසින් නිර්දේශ කර ඉදිරිපත් කර ඇති ලේඛනයට පරිබාහිරව දේශපාලන උවමනාවන් මත විවිධ පුද්ගලයින්ගේ නම් ඒ සදහා ඇතුළත් කර ඇති බවයි.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජගත් කුමාර මහතා මේ බව කියා පැවසීය.

මැතිවරණ ඉලක්ක කර ගනීමන් මෙම ක්‍රියාවලිය සිදු කරන බවද ඒ මහතා පවසයි.

මෙම ක්‍රියාවලිය හේතුවෙන් ඒ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරින්ට නෛතිකමට බලපෑම් ඇති විය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *