පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන්ගේ මිලියන 140ක බැංකු ගණුම් තහනම්

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව අත්අඩංගුවට පත් සැකකරුවන්ගේ බැංකු ගිණුම් 41ක. තිබූ රුපියල් මිලියන 140කට අධික මුදලක් තහනම් කිරිමට පොලීසිය කටයුතු කර තිබේ.

මෙම ගිණුම්වලට අමතරව සැකකරුවන් සන්තයේ තිබූ රුපියල් මිලියන 14ක මුදලක්ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේක මහතා පැවැසීය.

එසේම එම සැකකරුවන්ට අයත් තවත් රුපියල් බිලයන 7ක පමණ වත්කම් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව විසින් අණාවරනය කරගෙන ඇති අතර ඒවා ඉදිරියේදී රාජසන්තක කිරීමටද කටයුතු කරනු ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *