ඥාණසාර හිමි නිදහස් වෙනවද නැද්ද දැන්ම හරියට කියන්න බෑ – තලතා

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමට අදාල නෛතික කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.

ඊට අදාල කටයුතු තවදුරටත් සිදු කරන බැවින් ඒ පිළිබඳව නිශ්චිත තොරතුරු අනාවරණය කල නොහැකි බව එතුමිය පවසයි.

මේ අතර සිරදඩුවම් ලබා බන්ධනාගාර ගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලලොඩඅත්තේ ඥාණසාර හිමිට ජනපති පොදු සමාව ලබාදී ඇති බවට වාර්තා පල වෙයි.

බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමි සදහන් කළේ ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ඊයේ (22) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා ඇති බවයි.

අධිකරණයට අපහස කිරිමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිට පසුගිය වසරේ අගෝස්තු මස 08 වන දින බරපතල වැඩ සහිත වසර 06ක සිරදඩුවමක් හිමිවුණි.

උන්වහන්සේට පොදු සමාවක් ලබාගැනීම සඳහා පාර්ශව කිහිපයක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබූ අතර පසුගිය වෙසක් පුන් පොහොයදින ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ගොස් ඥාණසාර හිමියන් සමඟ කතාබහක ද නිරත වී ඇත.

මේ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීම වෙනුවෙන් ජනතාව එක්රැස් වෙන කිසිඳු කටයුත්තක් සංවිධානය නොකරන ලෙස සෑම පාර්ශවයකගෙන්ම ඉල්ලා සිටින බව බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා පවසා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *