ගංජා කිලෝ 93ක් සමඟ බස් රථ රියදුරෙක් අත්අඩංගුවට

මන්නාරම පොලිස් වසමේ තිරිකේදීස්වරන් හන්දියේදී ගංජා කිලෝ ග්‍රෑම් 93 යි ග්‍රෑම් 70ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පුද්ගලික බස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සමඟ බස් රථයේ රියදුරු හා බස් රථය පොලිස් බාරයට ගෙන ඇත.

සැකකරු වසය 33ක් වු මන්නාරම පදිංචිකරුවෙකි.

සැකකරු අද (23) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්නාරම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *