අයිස් සමග අයෙකු අත්අඩංගුවට

මන්නාරම පොලිස් වසමේ මන්නාරම දුම්රියපොළ අසළදී සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 923ක් සමඟ පුද්ගලයෙකු හා කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඊ‍යේ (21) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර සැකකරු වයස 35ක් වන අතර සැකකාරිය වයස 23ක් වු අයෙකි.

දෙදෙනාම තලෙයිමන්නාරම ප්‍රදේශයේ පදිංචි අය වේ.

සැකකරුවන් අද (22) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මන්නාරම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *