අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත එවන්න – යුද හමුදාපති

ආරක්ෂාව තහවුරු කර ඇති හෙයින් අනියත බියකින් තොරව හෙට දිනයේ සිට තම දරුවන් පාසල් වෙත. යොමුකරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානයක මහතා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පවසයි.

“අවාසනාවන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් සමාජයේ ඇතිවූ කම්පනය හා බිය නිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල වුණා. එම ප්‍රහාරයෙන් පසුව රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සේවයට පැමිණීමේ අඩුවක් සිදුවණා. රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්තවයට පත්කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැඩි කැපවීමකින් අවශ්‍ය ලෙස ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන ලදී.

යුද්ධ හමුදාව ත්‍රස්තයන් විනාශ කිරිමට හා ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගැනිමට කරන මෙහෙයුම්වලට සිය උපරිහ දායකත්වය ලබාදෙමින් සිටියි. ත්‍රස්තවාදීන් ඉල්ක්ක කර ගත් ආරක්ෂක හමුදා මෙහෙයුම් හා යොදා ඇති ආරක්ෂක විධිවිධාන හේතුවෙන් රජයේ හා පෞද්ගලික අංශ සේවකයන් සේවයට පැමිණීම හා සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑම ඉතා සතුටුදායක තත්ත්වයට වර්ජනය වී ඇත.

මේ වසරේ දෙවැනි වාරය සඳහා පාසල් විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබුණද පැතිර ගිය කටකතා හා තහවුරු කර නොගත් තොරතුරු හේතුවෙන් ආදරණීය දූ දරුවන් පාසල්වලට පැමිණිමට මැලිකමක් දක්වන ලදී.

මා මේ අවස්ථාවේදි සියලුම දෙමාපියන්ගෙන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සපයමින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති නිසා අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන්න”

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *