රිය අනතුරුවලින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකුට තුවාල

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවු රිය අනතුරු වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

දුම්මලසුරිය, කුළියාපිටිය මාර්ගයේ පළුගමුව හංදිය ප්‍රදේශයේදි ලොරි රථයක යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු කුළියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලිසිය පැවසුවේය.

මියගිය පුද්ගලයා ඕපාත අලව්ව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර කයිට්ස් යාපනය මාර්ගයේ 04 කණුව අසල ප්‍රදේශයේ දී සිදු වු අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

මෝටර් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුරින් බරපතල තුවාල ලැබු මෝටර් රථයේ ගමන්කළ සිව් දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු මියගොස් තිබේ.

මිය ගිය පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කයිට්ස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *