බහින් බස් වීමක අවසානයේ පියාගේ උදලු පහර පුතුට දිවි අහිමි කරයි

රක්වාන අල්පිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිය පුත්‍රයාට පහර දී ඝාතනය කර තිබේ.

ඇති වු බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් බීමත්ව සිටි පුත්‍රයාට මෙලෙස උදැල්ලකින් පහර දී ඇති බව සඳහන්.

පහර කෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවු අදාළ පුද්ගලයා කහවත්ත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

මෙලෙස ම්ය ගොස් ඇත්තේ අල්පිටිය,ගොඩකවෙල ප්‍රදේශ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගෙන ඇති අතර රක්වාන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *