බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයේදී ශ්‍රීලනිප ස්ථාවරය අමරවීර සඟවාගනී

“ජන නායකයන්ගේ හද ගැස්ම පිළිබඳව අපට වැටහීමක් තිබෙනවා. ජනතාවට ද්‍රෝහී වෙන්න අපට පුළුවන් කමක් නෑ. බදියුදීන් ඇමැතිවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ අනුව අපි විශ්වාසභංගයේ දී ඡන්දය ප්‍රකාශ කරනවා” යැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පැවසීය.

හම්බන්තොට කටුවැව සාමෝදාගම ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිය ඊයේ (19) දින විවෘත කිරීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ මහින්ද අමරවීර මහතා එසේ පැවසීය.

“පාස්කු දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මේ රටේ මහානායක හිමිවරුන් කාදිනල්තුමා යම් යම් අදහස් පළ කළා. ඒ අදහස්ද සැලකිල්ලට අරගෙන අපේ පක්ෂය විශ්වාසභංග යෝජනාව පිළිබදව තීන්දුවක් අරගෙන තිබෙනවා. ඒ තීන්දුව කුමක්ද කියා ඉදිරියේදී මේ රටේ ජනතාවට දැන ගන්න පුළුවන්.

එමෙන්ම ආණ්ඩුව ගෙන ඒමට තැත් කරන ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කරන්න අපි කටයුතු කරනවා. කිරිඇල්ල ඇමතිවරයාට වුවමනා විධියට බටහිරින් එන ඕනෑම දෙයක් පිළිගන්නට අප සූදානම් නෑ. රටේ ස්වාධීනත්වයට හානි කරන කිසිම ගිවිසුමකට අප එකඟවෙන්නේ නෑ. කිරිඇල්ල ඇමැතිවරයා ප්‍රමුඛ සමහරුන්ට බටහිරින් එන ඕනම දෙයක් හොඳ වුණාට අපිට එහෙම කටයුතු කරන්න බෑ” යැයිද ඔහු පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *