දුම්රියට පැන හානි කර ගත් ජීවිතයක්

කෝපායි ‍පොලිස් වසමේ කොන්ඩාවිල් ප්‍රදේශයේ දී කොළඹ දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කර ගෙන තිබේ.

‍මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 49 ක් වු ලේනෙයි,චුන්නාකම් ලිපිනයේ පදිංචි මරිසාලින් සකායනේෂන් නැමැත්තෙකි.

‍ඊයේ(19) සවස 6.30ට පමණ මෙය සිදුව ඇත.

මේ වන විට මෘත ශරීරය යාපනයේ රෝහලේ තැන්පත් කර තිබේ.

කෝපායි පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *