හෙරොයින් සමඟ කතක් අනුරපුරෙන් අල්ලයි

‍අනුරාධපුර පොලිස් වසමේ නව බස් නැවතුම් පොල අසල දී අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 700 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(19) සවස 4 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී හෙරොයින් සන්තකයේ තබා ගෙන සිටි වයස අවුරුදු 41 ක් වු මොර‍ගොඩ, තලාව ප්‍රදේශයේ කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකාරිය අද(20) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

‍අනුරාධපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *