ජනපතිගේ වෙසක් දින පණිවුඩය

ශ්‍රී ලංකාවාසි බෞද්ධ ජනතාවටත්, ලොව පුරා වෙසෙන සියලු බොදුනුවන්ටත් සැනසුම්දායක. වෙසක් මංගල්‍යයක් වේවායි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රර්ථනා කරයි.

බලය පිණිස උනුන් වනසා ගැනීම ඉක්මවූ අපරිමිත සාමය සහිත සාමාජයක් ගොඩනැගීම පිළිබඳ බුදුන් වහන්සේගේ අනුශාසනය මේ අනගි වෙසක් පුර පොහොය දිනයේ අප විසින් යලි මෙනෙහි කළ යුතු බව ජනාධිපතිවරයා පවසයි.

අන්තරාය විරහිත අන්‍යොන්‍ය විශ්වාසය සහිත මෛත්‍රී සහගත සමාජයක් ගොඩනැගීම සදහා බුදුන් වහන්සේ දේශනා කළ පරිදි වෛරයෙන් වෛරය නොසංසිදේ අවෛරයෙන් වෛරය සංසිදේ යන සදාතන සත්‍යය කෙරෙහි යලි යලිත් අපේ සිත් පිහිටුවාලීමට වීර්යවන්ත විය යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

වෙසක් පුර පෙහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *