සාමකාමීව වෙසක් සමරන්න අවශ්‍ය ආරක්ෂාව ලබා දෙනවා

සියලු ජනතාවට සාමකාමී ලෙස වෙසක් උත්සවය සැමරීමට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන. ඇති බව යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා පවසයි.

හමුදාපතිවරයා පවසන්නේ රටේ සියලු ජනතාව ආරක්ෂක අංශ පිළිබඳව විශ්වාසයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි.

කොළඹ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් යුධ හමුදාපති ලුතිතත් ජෙනරාල් මහේෂ් සේනානයක මහතා මේ බව කියා සිටියේය.

එසේම වෙසක් දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *