ශ්‍රි ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් – රවී

ශ්‍රි ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස සිතා කටයුතු කළ යුතු බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර. සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද (16) දින අසනීප තත්ත්වයෙන් පසුවන කොටගොඩ ධම්මාවාස හිමියන්ගේ සුවදුක් විමසිමට පැමිණි අවස්ථාවේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“මේ වගේ ගැටුම්කාරී අවස්ථාවක රටක් තුළ ඉතාමත් ලෙහෙසියෙන් ප්‍රචණ්ඩත්වය ඇති කිරීමට පුළුවන්. ඒ ස්වරූපය තමයි දැන් අපට ලංකාව තුළ පේන්න තියෙන්නේ. ප්‍රචණ්ඩත්වයට උල්පන්දම් දීලා ඒක ඉදිරියට ගෙන යන ස්වරූපයක් තමයි දැන් තියෙන්නේ.

නායකයෝ වශයෙන් අපේ එකම අරමුණ විය යුත්තේ, මේ ඇතිවී තිබෙන යම් යම් ආකාරයේ ගැටුම්, සිත්තැවුල් ආදිය සමනය කර, ජනතාව සාමකාමී තත්ත්වයකට පත්කිරීමයි. මේ සම්බන්ධයෙන් අප කළයුතු එකම දේ තමයි ජාතියක් වශයෙන් එකට නැගීසිටීම. ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කිරීමට නම් අප කළයුතු වන්නේ එක්සත්ව වැඩකිරීමයි.

එකම රටක්, එකම ජාතියක්, එකම නීතියක් යන තේමාව යටතේ රට ඉදිරියට ගෙනයාම තමයි අවශ්‍ය වන්නේ. අසමගිතාවය වර්ධනය කරන, විහිළු සපයන ප්‍රකාශ කිරීම නවත්තලා, ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක් වශයෙන් පිළිගෙන කටයුතු කල යුතුය.

සාමකාමීව ගමන් කරන්න අවශ්‍ය අවස්ථාවක, යම් අය විසින් ජනතාව කුපිත කරලා ප්‍රශ්ණ ඇති කරනවා. දේශපාලනඥයෝ හැංගි හොරා ඇවිත් ජනතාව උසිගන්වලා තියෙන ආකාරය ලැජ්ජා සහගතයි. අද රටේ නිසි දේශපාලන නායකත්වයක් නැති බවක් තමයි පෙනෙන්නේ. හැම පක්ෂයකම තත්ත්වය මේකයි.

ඉතින් මේ තත්ත්වය තුළින් කොහොමද අපි රටක් සාමකාමීව ඉදිරියට ගෙනියන්නේ. සියලු දෙනාම ඒකරාශි වෙලා ශ්‍රී ලංකාව ගැන හිතලා, එකමුතුව සාමකාමීව කටයුතු කරන්න අවශ්‍ය වෙලාවයි දැන් ඇවිත් තියෙන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *