වයඹ ගැටුම්වලට 78ක් අත්අඩංගුවට

වයඹ පළාතේ ඇතැවූ නොසන්සුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සැකකරුවන් 78ක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවැසුවේ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වීඩියෝ දර්ශන හරහා මෙම පරික්ෂණ පවත්වන බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල රැකියා කරන පිරිස් සිටින බවත් ඔහු ප්‍රකාශ කෙළ්ය.

එසේම මෙම සැකකරුවන් ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට සම්බන්ධ බවට ඔවුන් රැකියා කරන ආයතන දැනුවත් කිරිමට පොලීසිය කටයුතු කරන බවත් ඔවුන්ට ආයතනික වශයෙන් විනය ක්‍රියාමර්ග ගැනිමට දැනුම් දෙන බවත් ඔහු ප්‍රකශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *