සීගිරිය දින තුනක් නොමිලේ නරඹන්න අවස්ථාවක්

සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල කියයි.

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ද කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේ දී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර ඇතැයි කී එම නිලධාරියා නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන බව ඔහු සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *