යාපනය සරසවියේ ශිෂ්‍ය සංගම් නායකයින් නිදහස් කරන ලෙස ඉල්ලා සිසුන් විරෝධතාවක

බන්ධනාගාරගත කොට ඇති යාපනය විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයා වහාම කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් අද (15) විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

රටේ පවතින තත්ත්වය අනුව කිසිදු පිළිගත හැකි සාක්ෂියක් නොමැතිව අත්අඩංගුවට ගනු ලැබූ සිසුන් දෙදෙනාගෙ ඉදිරි අනාගත අධ්‍යාපනය වෙනුවෙන් හෙට දිනයේදී වහාම නිදහස් කරන ලෙසින් ඉල්ලා මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

යාපනය විශ්වවිද්‍යාල මහ ශිෂ්‍ය සංගමයේ සභාපති එන්.දිවාකරන් සහ ලේකම් එස්.බදිල්රාජ් යන සිසුහු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සහ ඇන්ටන් බාලසිංහම්ගේ පෝස්ටර් කාර්යාලයේ තිබීම හේතුවෙන් පසුගිය 03 වනදා අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (16) දක්වා බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් අයි.එස්.එස් සංවිධානයේ ත‍්‍රස්තවාදීන් නොවන බවත් අත්අඩංගුවට ගත් සිසුන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසත් සඳහන් කරමින් ඔවුහු පෝස්ටර් හා බැනර් ප‍්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *