විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම වගකීමක්-අගවිනිසුරු

මහජනතාව අධිකරණ පද්ධතිය කෙරෙහි තබා තිබෙන විශ්වාසය ආරක්ෂා කිරීම විනිසුරුවරුන්ගේ පරම. වගකීමක් බව නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා පවසයි.

එක් විනිසුරුවරුවරයෙකු හෝ එම විශ්වාසය කඩ කරනු ලැබුවහොත් ඉන් සමස්ත අධිකරණ පද්ධතියටම පිරිමැසිය නොහැකි පාඩුවක් සිදුවිය හැකි බව අගවිනිසුරුවරයා පවසන්නේය.

විනිසුරුවරුන් විවෘත මනසකින් කටයුතු කළ යුතු අතර හොඳින් ඇහුම්කන් දීම සිදුකළ යුතු බව අගවිනිසුරුවරයා අවධාරණය කරයි.

එමෙන්ම අධිකරණ කටයුතුවල දී බියකින් තොරව අපක්ෂපාතී අයුරින් සිය රාජකාරිය ඉටුකිරීම විනිසුරුවරුන්ගේ ප්‍රමුඛ වගකීමක් යුතු බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සදහන් කළේය.

මෙරට 47 වන අගවිනිසුරුවරයා ලෙස පත්වූ හිටපු නීතිපති ජයන්ත ජයසූරිය මහතා පිළිගැනීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයේදී අද (15) පෙරවරුවේ පැවැත්වුණු අතර එහිදී නව අගවිනිසුරුවරයා මෙම අදහස් පලකර තිබේ.

මෙම උත්සවයට ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ හා දිසා අධිකරණවල සේවය කරන විනිසුරුවරුන් සහභාගී වී ඇත.

එමෙන්ම මෙම අවස්ථාවට ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරුන් විශාල පිරිසක් ද එක්ව බව සදහන්.

මෙහිදී නව අග විනිසුරුවරයා පිළිගනිමින් නීතිපති දප්පූල ලිවේරා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස යන මහත්වරුන් අදහස් පළ කල බව වාර්තාවේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *