තුන් මෝදර ආරක්ෂක නිල ඇඳුම් සිටි පුද්ගලයා ගැන පරීක්ෂණ

තුන්මෝදර ප්‍රදේශයේ නොසන්සුන්තාව ඇතිවන විට ආරක්ෂක අංශ අඳින ඇඳුමකට සමාන නිල. ඇඳුමක් ඇඳගත් පුද්ගයෙකු සම්බන්ධයෙන් පැතිර යන විඩියෝ දර්ශන පිළිබඳව යුද හමුදාවේ අවධානය යොමුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පවසයි.

එම පුදගලයා හඳුනා ගැනීම සදහා යුද හමුදාව මහජන සහාය ඉල්ලා තිබේ. සිදුකරන පරික්ෂණවලදි ඔහු ආරක්ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරුවුවහොත් දැඩි විනය පියවර ගන්නා බවද බ්‍රිගේඩියර්වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මේ පිළිබදව යුද හමුදා පොලිස් හේවා බළකායේ හදිසි ඇමතුම් අංක 0112514280 වෙත දැනුම් දෙන ලෙස හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *