ක්‍රිකට් කවුන්සිලයේ චෝදනා අවිශ්ක ප්‍රතික්ෂේප කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයෙන් එල්ල කරන දූෂණ චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන පවසයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් හිටපු පිතිකරුවෙකු මෙන්ම පුහුණුකරුවෙකු වන අවිශ්ක ගුණවර්ධනට සහ හිටපු වේගපන්දු යවන්නෙකු සහ පුහුණුකරුවෙකු වන නුවන් සොයිසා හට පසුගියදා දූෂණ මර්දන ඒකකය විසින් චෝදනා එල්ලකර තිබුණි.

ඒ 2018 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය්දී පැවැත්වූ ටී ටෙන් ක්‍රිකට් තරඟාවලියේදී පුහුණුකරුවන් ලෙස එම තරගාවලියට එක්වෙමින් දූෂණ ක්‍රියාවන් සඳහා මොවුන් සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වීම හේතුවෙන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *