රටේ ණය ප්‍රමණය රු. බිලියන 11977ක්

මේවනවිට රටේ ණය ප්‍රමණය රුයල් බිලියන 11,977ක් බවට පත්ව ඇති අතර, 2018 වසර තුළ පමණක් ණය ප්‍රමාණය රැපියල් බිලියන 1664කින් වැඩිවී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

2018 මහබැංකු වාර්තාව උපුටා දක්වමින්අ ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේබව කී අතර, වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.

අප්‍රේල් 21 වැනිදා මේ ප්‍රහාරය එල්ල වීමට පෙර කඩාවැටෙමින් තිබුණු ආර්ථික මේ ප්‍රහාරය නිසා තවත් වේගවත් කිරීමක් වුණා. තිස් අවුරුදු යුද්ධයෙන් පස්සේ සංචාරක කර්මාන්තය පමණයි දියුණු වෙමින් තිබුණේ. මේනිසා එයත් ආපස්සට යමින් තිබෙනවා. ඒවගේම යළි කවදාද ගොඩනැගෙන්නේ කියන්න බැරි විදිහට අපේ රටේ ජනජීවිතයේ ආර්ථිකය කඩා වැටී තිබෙනවා.

රටට නොගැළපෙන, ජනතාවට නොගැළපෙන ආර්ථික ප්‍රතිපත්ති නිසා මේ තත්ත්වය තවත් වැඩිවෙලා තිබෙනවා.

2018 අවසාන වනවිට රටේ ණය ප්‍රමාණය බිලියන 11,977ක් බවට පත්ව තිබෙනවා. 2018 වසර තුළ ණය ප්‍රමාණය රැපියල් බිලියන 1664කින් වැඩිවී තිබෙනවා. මේවා සිදුවුණේ අපේල් 21 ප්‍රහාරය නිසා නෙවෙයි. මේ ප්‍රහාරය විසින් කරන්නේ තවදුරටත් එය වැඩිකරන එකයි.

මේ ප්‍රහාරය සංචාරක කර්මාන්තය බිඳ වැටී තිබෙනවා. අපේ රටේ සංචාරක ක්ෂේත්‍රය තුළ රැකියා කරන අය ලක්ෂ 04ක් පමණ ඉන්නවා. නමුත් අද සංචාරකයෝ නැහැ. කර්මාන්තයේ නියැළෙන මිනිස්සු දැඩි අවදානමක සිටිනවා.” යැයි පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *