මොහොමඩ් සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙක් අත්අඩංගුවට

මරාගෙන මැරෙන බෝම්බකරු මොහොමඩ් සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ හා මුල්‍ය ගණුදෙනු කළ බවට සැකකෙරෙන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(09) කාත්තන්කුඩි පොලීසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් අල්යාර් නැමති පුද්ගලයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අදාළ සැකකරු රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *