ලෝක කුසලානයට ලංකා කණ්ඩායම හෙට පිටත්වෙයි

එංගලන්තයේ හා වේල්සයේදි ආරම්භවීමට නියමිත එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා එක්වීමට. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හෙට (07දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වෙනුවෙන් අද දිනයේදී ආගමික වතාවත්වල නිරතවීමට නියමිතය. ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න කටයුතු කරයි.

තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය නවසීලන්තයට එරෙහිව ජුනි 01 දා පැවැත්වීමට නියමිතව තිබේ. එයට පෙර ශ්‍රි ලංකා කණ්ඩායම පුහුණු තරග කිහිපයකටත් එක්වීමට නියමිතය.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය අවසන් පුහුණු සැසියට ඊයේ එක්විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *