ජපානයේ නව අධිරාජ්‍යයා වෙනුවෙන් බැටළුවන් යොදා කළ අපූරු වැඩක්

ජපානයේ නව අධිරාජ්‍යයා ලෙස නරුහිතෝ කුමරු පසුගිය (01) අභිෂේක ගන්වනු ලැබුවේය.

ඒ නිමිත්තෙන් සංවිධාන කර තිබූ විවිධ උත්සව සහ ඉසව් අතරින් එක් සුවිශේෂී ඉසව්වක් සම්බන්ධව ජාත්‍යන්තර මාධ්‍යවල දැඩි අවධානය යොමුවී ඇත.

නරුහිතෝ අධිරාජ්‍යයා පිළිගැනීම වෙනුවෙන් බැටළුවන් 150 දෙනෙකු යොදාගෙන සිදුකළ අපූරු නිර්මාණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

නව අධිරාජ්‍ය යුගය නම් කර ඇති රෙයිවා යන නමේ අකුරු වල හැඩයට බැටළුවන් පෙලගස්වමින් එම නිර්මාණය සිදු කර තිබුණි.

එමෙන්ම එහිදී චීන භාෂාවෙන් රෙයිවා යන නම නිරූපණය කර තිබීමත් විශේෂත්වයකි.

අදාළ අකුරුවල හැඩයට ආහාර ස්ථානගත කරමින් ඒ වෙතට බැටළුවන්ට ගමන් කිරීමට සලස්වා මෙම නිර්මාණය සිදුකර තිබුණි.

එමෙන්ම මෙම අපූරු දසුන මැයි 31වන දා තෙක් සෑම දිනකම දැකගත හැකි බව විදෙස් වාර්තාවල සඳහන්ය.

මෙය දැකගත හැකි වන්නේ ටෝකියෝ අගනුවරට ආසන්නයේ පිහිටා තිබෙන උද්‍යානයකදීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *