සැකකරුවන් 18 ක් අත්අඩංගුවට

පසුගියදා එල්ල වූ ප්‍රහාරවලට අදාළව ඊයේ(23) රාත්‍රියේ සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලින් පුද්ගලයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අළුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙක් ද බේරුවල පොලිස් වසමේ කන්කාවන්ගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් 05 දෙනෙක් ද කටාන කටුවාපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් 06 දෙනෙක් ද අත්අඩංගුවට ගත් බවයි.

ඊට අමතරව වරකාපොල, අගුරුවැල්ල පාර මස්ජිත් මාවතේ නිවසක් පෙලිස් විශේෂ කාර්යය බලකා නිලධාරින් සහ බුද්ධි අංශ නිලධාරින් විසින් පරික්ෂා කිරිමේදී යතුරුපැදියක් සහ වෝකිටෝකි යන්ත්‍ර 04ක් සඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර ඊයේ රාත්‍රි 09.00 සිට ක්‍රියාත්මක වූ පොලිස් ඇදිරි නීතිය අද අළුයම 04.00ට ඉවත් කෙරුණි.

ප්‍රහාර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සහ අදාළ පරික්ෂණ කටයුතු සිදු කරන බව පොලීසිය පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *