ජල සැපයුමට වස මිශ්‍ර වී ඇති බවට අසත්‍ය ප්‍රචාර සිදු කළ 2ක් අත්අඩංගුවට

ප්‍රදේශ රැසක ජල සැපයුමට වස මිශ්‍ර වී ඇති බවට අසත්‍ය ප්‍රකාශ සිදු කළ සැකකරුවන් දෙදෙනෙක් මැයි මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම පුද්ගලයන් දිය 14ක් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක පානීය නල ජලයට වස මිශ්‍ර කොට ඇති බවට පැතිර යන ප්‍රචාරවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවට ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලයෙන් ඊයේ (22) නිවේදනයක් නිකුත් කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී එම මණ්ඩලයේ සභාපති කේ.ඒ අන්සාර් මහතා සඳහන් කළේ සිය මණ්ඩලය මඟින් සපයනු ලබන පානීය ජලය ඉහළ ගුණාත්මක බවින් යුතු බවයි.

ඒ අනුව පැතිර යන විවිධ අසත්‍ය ප්‍රචාරවලට නොරැවෙටෙන ලෙදස කේ.ඒ අන්සාර් මහතා ඊයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *