ගමේ ගිය අයට කොළඹ එන්න විශේෂ දුම්රිය සේවා 21 තෙක්

උත්සව සමයේ ගම්බිම් බලා ගොස් සිටින ජනතාවට යළි පැමිණීම සඳහා දිවයින පුරා විශේෂ දුම්රිය සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එළැඹෙන 21 වනදා දක්වා අදාළ විශේෂ දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වනු ඇති.

උත්සව සමයේ ගම්බිම් බලා ගොස් සිටි ජනතාවට යළි අගනගරය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වෙත පැමිණීම සඳහා විශේෂ දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගත්තේය.

ඒ අනුව එම විශේෂ සේවාවන් ලබන සඳුදා දිනය දක්වා ක්‍රියාත්මක වනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම විශේෂ දුම්රියවලට අමතරව මහනුවර සිට කොළඹ බලා අළුයම 3.35 ට ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය හෙට දිනයේදී ගාල්ල දක්වා ධාවනය වන බවයි.

එය එළඹෙන සඳුදා දින අළුයම 5 ට ගාල්ලෙන් පිටත්වී කොළඹ බලා ධාවනය වීමටද නියමිතයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *