දිවියෙකු පහරදී අයෙකු මරුට

කුමන ජාතික වනෝද්‍යානයේදී දිවියෙකුගේ පහරදීමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊයේ (18) සවස 4.00 පමණ මෙම පහරදීම සිදුව ඇති බව වාර්තා වෙයි.

මෙලෙස මියගොස් ඇත්තේ රවිචන්ද්‍රන් නැමති පුද්ගලයෙකු වන අතර ඔහු ට්‍රැක්ටර් රථ රියදුරෙකි.

මේ දිනවල කුමන ජාතික වනෝද්‍යානය තුළ ඉදිකිරීම් කටයුතු කිහිපයක් සිදු වන අතර එහි සේවය සඳහා ගොස් සිටි ට්‍රැක්ටර් රථ රියදුරෙක් මෙලෙස මියගොස් ඇත.

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා වනජීවි නිලධාරීන් පිරිසක් සමඟ අදාළ ස්ථානය වෙත ගොස් ඇති අතර ඔහුට මෙම දිවියා පහරදී ඇති බව අප වාර්තාකරු පවසයි.

මෙලෙස තුවාල ලැබූ අනෙක් පුද්ගලයා මේ වන විය අම්පාර මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *