පැය 24කට නඩු 5519ක්

‍දිවයිනම ආවරණය වන පරිදි පොලීසිය විසින් සිදු කළ වැටලිමකදී බීමත් රියදුරන් 329 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(15) උදෑසන 06.00 සිට අද(16) උදෑසන 06.00 දක්වා පැය 24ක කාලය තුළ එම රියදුරන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එම කාලය තුළ රථ වාහන සම්බන්ධයෙන් නඩු 5519ක් ලබා ගෙන තිබේ.

උත්සව සමයේ අනතුරු අවම කර ගැනිමේ අරමුණින් දිවයිනම ආවරණය වන පරිදි බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම පසුගිය 11 වනදා ආරම්භ වූ අතර එය ලබන 20 වනදා දක්වා ක්‍රියාත්මක වන බව පොලීසිය සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට බීමත් රියදුරන් 1270 දෙනෙකු අත්අඩංගුවට ගෙන රථ වාහන සම්බන්ධයෙන් නඩු 34,980ක් ලබා ගෙන තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *