ඔට්ටුවට කැට ගසා බහිස්බස් වීමකින් ඝාතනයක්

ඉපලෝගම සේනපුර ප්‍රදේශයේ නිවසකදී මුදල් ඔට්ටු කැට ගසමින් සිටි දෙපිරිසක් අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග යාමෙන් පුද්ගලයෙකුට පොල්ලකින් හිසට පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබු පුද්ගලයෙක් සේනපුර රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබේ.

පොලිසීය පැවසුවේ ඊයේ (15) සවස 3.30ත් 4.20ත් අතර මෙම ගැටුම සිදු වී ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මැදගම නිකදලුපොත වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පහරකෑමෙන් තුවාල ලැබු තවත් පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඝාතනය සිදු කළ සැකකරුවන් තිදෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉපලෝගම පොලිසීය වැඩිදුර විමර්ශන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *