අද සිට විශේෂ බස් රථ සේවාවක්

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත නගරයට පැමිණිම සඳහා අද(16) දිනයේ සිට විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ප්‍රමාණවත් තරම් බස් රථ යෙදවීමට කටයුතු යොදා ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය කාර්යය මණ්ඩලය ද මේ වන විට වාර්තා කර ඇති බව චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

මේ අතර මෙවර අලුත් අවුරුද්දට පෙර ක්‍රියාත්මක වු විශේෂ බස් රථ සේවාවෙන් වාර්තාගත ආදායමක් උපයාගැනීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සමත් වී තිබේ.

මීට පෙර වසරවලට සාපේක්ෂව මෙවර අදායම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පි.එච්.ආර්.ටි.චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය ද සිදුකරන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසයි.

ඊට අමතරව පිටපලාත්වල සිට කොළඹ දක්වා විශේෂ දුම්රිය කිහිපයක් අද සිට ධාවනය කිරීමට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව යාපනය සිට කොළඹ දක්වාත්, ගාල්ල සිට මරදාන දක්වාත්, මාතර සිට මරදාන දක්වාත් බදුල්ලේ සිට කොළඹ දක්වාත් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනය කිරීමට සැලසුම් කර තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *