අවුරුදු දා සැමියා බිරිඳගේ දෙපා කපා දමයි

අවුරුදු දා හාලිඇළ උඩුකොහොවිලදී සැමියෙක් බිරිදගේ කකුල් දෙක කපා ඇතැයි හාලිඇළ පොලීසිය පවසයි .

දණහිසින් පහළ කොටසේ ගැඹුරු කැපුම් තුවාල සහිත එම කාන්තාව බදුල්ල මහරෝහලට ඇතුලත් කර තිබේ .

24 හැවිරිදි එක්දරු මවක් වන ඇගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මෙම බිරිද සැකකරුගෙන් වෙන්ව ජීවත්වන බවත් අවුරුදු දා සැකකරු කැලයේ සැගව සිට සවස් යාමේ බිරිද ඇගේ මහ ගෙදරට යද්දී මේ අපරාධය සිදුකර ඇති බවත් විමර්ශන වලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.

යුධ හමුදාවේ සෙබෙලෙකු වන සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහා බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත හාලිඇළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතාගේ මෙහෙයවීමෙන් හාලිඇළ පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *