ධවාන් දිල්ලි පිලට ජය ගෙනෙයි

ශීකර් ධවාන්ගේ (නොදැවී 97) විශිෂ්ට පිතිහරඹය හමුවේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 26 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් අතර කොල්කටාහිදී ඊයේ (12 වැනිදා) පැවැති තරගය කඩුලු 7 කින් ජයගැනීමට දිල්ලි පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 179 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි පිල ඕවර 18.5 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ශීකර් ධවාන් පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 11 ක් සමගින් නොදැවී ලකුණු 97 ක් රැස්කිරීමට සමත්විය. ධවාන්ට අනගි සහයක් ලබාදුන් රිෂාබ් පාන්ට් පන්දු 31 කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් රැස්කිරීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා පිල ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී ලකුණු 178 ක් රැස්කිරීමට සමත්විය.

වේගවත් ආරම්භයක් ලබාගත් ආරම්භක පිතිකරු ශුබ්මාන් ගිල් පන්දු 39 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 65 ක් රැස්කරමින් කොල්කටා පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවශ්‍ය අඩිතාලම දමා දුන්නේය.

සුපුරුදු පිතිහරඹයේ නියැලුණු ඇන්ඩි්‍ර රසල් පන්දු 21 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 45 ක් රැස්කරමින් කොල්කටා පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

ක්‍රිස් මොරිස්, කගිසෝ රබාඩා සහ කීමා පෝල් කඩුලු 2 බැගින් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
කාසියේ වාසිය ලැබූ දිල්ලි කණ්ඩායමේ නායක ශ්‍රියාස් අයියර් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කොල්කටා නයිට්රයිඩර්ස් – ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 178
(ශුබ්මාන් ගිල් 65, ඇන්ඩ්‍රි රසල් 45, ක්‍රිස් මොරිස් 38/2, කගිසෝ රබාඩා 42/2, කීමා පෝල් 46/2)

දිල්ලි කැපිටල් – ඕවර 18.5 කදී කඩුලු 3 ක් දැවී 180
(ශීකර් ධවාන් නොදැවී 97, රිෂාබ පාන්ට් 46

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *