කඩුවෙල නගරයේ පෞද්ගලික බැංකුවක ගින්නක්

කඩුවෙල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක ඊයේ සවස (12) හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ බැංකුවේ විදුලි මීටරයට විදුලි සැර වැදීම හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවයි.

අනතුර වාර්තාවීමත් සමග නවගමුව පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා. ගින්න හේතුවෙන් කිසිදු ජිවිත හානියක් සිදුවී නැහැ.

මේ අතර අතුරුගිරිය හෝකන්දර උතුර ප්‍රදේශයේ ඉඩමක ද ගින්නක් හට ගෙන ඇති අතර පොලිසිය පනාගොඩ යුධ හමුදා කඳවුරේ නිලධාරින් සහ කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *