මදූෂ් ලංකාවට රැගෙන එන දිනය ගැන අනාවරණයක්

ඩුබායිහි දී අත්අඩංගුවට ගැණුනු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකදුරේ මදූෂ් බොහෝදුරට ලබන සතියේ දී මෙරටට රැගෙන. ඒමට ඉඩ ඇතැයි වාර්තා පල වනවා. ඊට අදාළ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු මේ වනවිටත් සිදු වන බවටයි ඩුබායි ආරංචි මාර්ග ප්‍රකාශ කළේ. කෙසේවෙතත් තමන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන්නැයි ඉල්ලමින් මාකඳුරේ මදූෂ් විසින් ඩුබායි අධිකරණය වෙත ඇපෑලක් ද ගොනුකරනු ලැබ තිබෙනවා.

මාධ්‍ය කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ සාමාන්‍යයෙන් ඩුබායිහි දී ඇපෑලක් ගොනු කිරීමට රුපියල් ලක්ෂ 25ක පමණ මුදලක් වැය වන බවයි. අදාළ ඇපෑල කැඳවීමට නියමිතව ඇත්තේ ලබන 18 වනදායි.

කෙසේවෙතත් දෙරටේ විදේශ කටයුතු අමාත්‍යංශ බලධාරීන් මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට කිහිපයක් මේ වනවිට ද සිදු කරමින් ඇති බවයි වාර්තා වන්නේ. ඒ, මදූෂ් විසින් ගොනු කරනු ලැබූ ඇපෑල කැඳවීමකින් තොරව ඔහු ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහායි. රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඊට අවශ්‍ය ප්‍රතිපාදන සකසා ගැනීම මෙම සාකච්ඡාවල අරමුණ වී තිබෙනවා.

යම් හෙයකින් මාකඳුරේ මදූෂ් මෙරටට රැගෙන ඒමට අවස්ථාව ලැබුණහොත් එය සිදු කිරීමට නියමිතව ඇත්තේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේයි. ඔහු ඩුබායි සිට මෙරටට ගෙන එන අවස්ථාවේ ඩුබායි පොලිසියේ විශේෂ ආරක්ෂාවක් ලබාදෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *