“සෙන්පති ගෝඨයිම්බරගම” උදා ගම්මානය ජනතා අයිතියට

2019 වසර තීරණාත්මක වසරක් බවට සැවොම හඳුන්වන අතර, එය ප්‍රතිවාදීන්ට තීරණාත්මක වන්නේ ජනාධිපතිවරණය පවත්වා බලය ලබා ගෙන. තම දරුවන්ට, පවුලට හා ඥාතීන්ට රටේ අයිතිය සින්නක්කර ඔප්පුවෙන් ලියා ගන්නේ කෙසේද යන්න නිසා බවත්, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

නමුත් තමන්ට මෙම වසර තීරණාත්මක වන්නේ උදා ගම්මාන ඉලක්ක ජය ගනිමින්මෙරට අසරණ ජනතාවගේ නිවාස ගැටළු විසදීමත්, තරුණ තරුණියන්ට රැකියා ලබා දීමත් සහ ජනතාවට සහන ලබා දීමත් යන අභියෝග ජයගත යුතු වසරක් නිසා බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ,තිස්සමහාරාමය, ජූල්පල්ලම ප්‍රදේශයේ ඉදිකළ“සෙන්පති ගෝඨයිම්බරගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට ඊයේ (12) දින සහභාගී වෙමිණි.

නිවාස ගැටළුවලින් පීඩා විදින මෙරට පවුල් ලක්ෂ 25 අතරින් පවුල් 350,000 කට රජය මේ වන විට සහන ලබා දී තිබෙන අතර තවත් පවුල් ලක්ෂ 22 කගේ නිවාස ගැටළු විසඳීමට තිබෙන බව පැවසූ අමාත්‍යවරයා, වසර 2025 වන විට රටේ උදා ගම්මාන 20,000 ක් ඉදිකර ‘සැමට සෙවණ’ ලබා දීමේ පළමු පියවර වන උදා ගම්මාන 2,500 වැඩසටහනමෙම වසර තුළ ජයගෙන,දෙවන පියවර වන උදා ගම්මාන 5,000 වැඩසටහන ද මෙම වසරේදී ආරම්භ කළ යුතුව ඇති බැවින් තමන්ට මෙම වසර ඉතා තීරණාත්මක බව අමාත‍්‍යවරයා සඳහන් කළේය.

බලය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රතිවාදී පවුල් අතර අසීමිත බලු පොරයක් මේ වන විට ක්‍රියාත්මක වන්නේ තමන්ට පමණක් බලය ලබාගෙන තම දරුවන්ගේ අනාගත සුබ සිද්ධිය සළසා ගැනීම උදෙසා බවත්, ඔවුන් එලෙස කටයුතු කරන්නේ රටේ ජනතාවගේ යහපත ගැන සිතා නොව තම යහපත ගැන පමණක් සිතා බවත් අමාත්‍යවරයා පැවසීය.

එක් පවුලක පැවැත්ම උදෙසා විරුද්ධවාදීන්ට බලය ලබා දෙනවාද, නැතහොත් ජනතා සහන සළසන නායකයින්ට බලය ලබා දෙනවාද යන්න තීරණය කළ යුතු නිසා ජනතාවට ද මෙම වසර තීරණාත්මක වන බවත්, වැරදි පුද්ගලයින්ට බලය ලබා දීමෙන් එහි ප්‍රතිවිපාක අත්විදිමට සිදුවන්නේද ජනතාවට බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

“සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 186 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

“සෙන්පති ගෝඨයිම්බරගම” උදා ගම්මානය නිවාස 20කින් සමන්විත වන අතර එය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ 172කි.

පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් මෙම උදා ගම්මානය සමන්විතයි.

ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන්20 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා රුපියල් ලක්ෂ100ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 20 ක හිමිකම නොමිලේ ලබාදීම,ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 326 කට රුපියල් ලක්ෂ 652 ක් වටිනා ‘විසිරි නිවාස ණය’,පවුල් 60 ක් සඳහා රුපියල් ලක්ෂ 120 ක් වටිනා‘සොඳුරු පියස නිවාස ණය’,දෘෂ්‍යාආබාධ සහිත පුද්ගලයින් 56 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩි,ස්වයං රැකියා ණයහා ආධාර ප්‍රදානය සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි.

මෙහිදී වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනක්ද පැවැත්විණී.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *