පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමට එරෙහිව කථානායකට ලිපියක්

ඉකුත් නොවැම්බර් මාසයේ ආණඩු පෙරලිය අතරතුර කාලයේදී එවක විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විදෙස් රටවල. ශ්‍රී ලාංකික දූත පිරිස් වෙත යැවූ ලිපියකින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් ඊට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙක් කථානායක කරූ ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියි.

ඒ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සහ මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන්ය.

කතානායක කරූ ජයසූරිය මහතා වෙත ලිපියක් භාර දෙමින් ඔවුන් ඊයේ (10) පෙන්වා දී ඇත්තේ එම ලිපිය මඟින් කථානායකවරයාට ප්‍රමුඛ පාර්ලිමේන්තුවට අපහසයක් සිදුව ඇති බවයි.

2018 වසරේ ඔක්තෝබර් 26 වනදා සිදුවූ ආණ්ඩු වෙනසින් පසු නොවැම්බර් 10 වනදා එවක විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රටේ පැවති තත්ත්වය සම්බන්ධයෙන් විදෙස් රටවල ශ්‍රී ලාංකික දූත පිරිස් වෙත යොමු කළ ලිපියක් මඟින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බව මන්ත්‍රීවරු දෙදෙනා කථානායකවරයා වෙත අද යොමු කළ ලිපියෙන් පෙන්වා දෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *