විකිලික්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ අත්අඩංගුවට

විකිලීක්ස් වෙබ් අඩවියේ සම නිර්මාතෘ ජුලියන් ‍අසාන්ජ් බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ඉක්වදෝර තානාපති කාර්යාලයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ලිංගික අතවර චෝදනාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශණයක් සඳහා ස්වීඩනයට භාර දීමට නියමිතව සිටි ජුලියන් අසාන්ජ්ට මීට වසර හයකට පෙරදී ඉක්වදෝර තානාපති කාර්යාලයෙන් දේශපාලන රැකවරණ ලබා දුන්නේය.

කෙසේ නමුත් පසුව ඉක්වදෝර රජය සහ ඔහු අතර මත ගැටුම් හටගෙන තිබූ අතර එක් අවස්ථාවකදී අසාන්ජ්ට අන්තර්ජාලය පරිහරණය කිරීමත් ඉක්වදෝරය තහනම් කළේය.

ජුලියන් අසාන්ජ් රහස්‍ය තොරතුරු හෙලිදරව් කිරීමේ චෝදනාව මත අමෙරිකාවටද අවශ්‍ය සිටි අයෙක්.

ඔහුට ලබා දී තිබූ දේශපාලන රැකවරණ ඉවත් කිරීමට ඉක්වදෝරය කටයුතු කළේ මේ අතරතුරයි.

අසාන්ජ් අත්අඩංගුවට ගැනීම සඳහා ලන්ඩන් මෙට්‍රො පොලිසියට ඉක්වදෝර තානාපති කාර්යාලයට ඇතුල්වීමටත් ඉඩ ලබා දී තිබුණි.

මේ අතර පොලිසිය සඳහන් කළේ අධිකරණයට භාර වීමට අසාන්ජ් කැමැත්ත පළ කල බැවින් අත්අඩංගුවට ගත් බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *