මෝටර් වාහන ආනයනය පහතට

පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පළමු මාස තුන තුළදී මෝටර් වාහන ආනයනය ශීඝ්‍රයෙන් පහල වැටී ඇති බව වාහන ආනයනයකරුවන් පවසයි.

මේ අතර අයවැයෙන් බදු හා ණය පහසුකම් වෙනස්වීම එයට හේතුව බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2018 වසරට සාපේක්ෂව මේ වසරේ ගත වූ මාස තුන තුළදී වාහන ආයනයනය විශාල වශයන් අඩුවී තිබේ.

සමස්ථයක් ලෙස පසුගිය වසරේදී ලියාපදිංචි කරන ලද මෝටර් වාහන ගණන හාර ලක්ෂ අසූදහස් 799කි.

මේ වසරේ ගතවූ මාස තුනක කාලය තුළ ලියාපදිංචි කර ඇති මෝටර් වාහන සංඛ්‍යාව එක්ලක්ෂ තුන්දහස් 671කි.

2019 අයවැයෙන් වාහන සඳහා පනවන ලද බදු තමන් අධෛර්මත් කර ඇති බව වාහන ආනයනයකරුවන් පවසයි.

මෙරින්චිගේ මහතා පවසන්නේ මෙම තත්ත්වය ඉදිරියේදී වර්ධනය විය හැකි බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *