ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට අදාල යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

ගිනිඅවි සම්බන්ධ නීති සංශෝධනයට අදාල යෝජනාව නවසීලන්ත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

සියළු වර්ගයේ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තහනම් කිරීමේ අරමුණින් ඊට අදාල යෝජනාව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩ්න් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණී.

එහිදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 119 ක් ලැබී ඇති අතර එක් මන්ත්‍රීවරයෙකු පමණක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර ඇති බව සදහන් වේ.

ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ එම සංශෝධනය නීතියක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මුස්ලිම් දෙවස්ථාන දෙකක සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 50 දෙනෙකු මියයාමේ සිද්ධිය මුල් කර ගනිමින් ගිනි අවි නීති සංශෝධනයට පියවර ගන්නා බව නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *