10වැනිදාට රවී උච්ච වෙන්න යන්නේ-රෝහිත

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පවතින සාකච්ඡාවල අනාගතය සම්බන්ධයෙන් මේ වන විට. කාගෙත් කුතුහලයට ලක් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති, මහාචාර්ය ජි. එල්. පීරිස් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවෙ ඊයේ (08) කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

මේ වන විට සාකච්ඡා වට දෙකක් පැවත් වු බවත් තුන්වන සාකච්ඡාවටය අප්‍රියෙල් 10 වැනි දින පවතින බවද ඒ මහතා පැවසීය.

බැරැරුම් ප්‍රශ්නයක් තිබෙන බවත් නමුත් පැස්බරෙකු මෙන් වැලි යට ඔලුව හංගාගෙන යථාර්ථයට මුහුණ නොදීම තම පක්ෂයේ ප්‍රථීපත්තිය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.

අයවැය ඡන්දය දෙවැනි වර කියැවීමේදී සිදුවුනු අතපසුතා නිවැදි කරන්න අවංක උත්සාහයක් ගන්න බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් පවසා තිබුණද තුන්වැනිවර ඡන්ද කියැවීමේදි එයට අවස්ථාව ලැබුණද එයින් ප්‍රයෝජන නොගෙන චේතනාන්විතව එම අවස්ථාව මඟ හැර දැමු බව ද ජි. එල්. පීරිස් මහතා පැවසීය.

අයවැය ලේඛණයට ඡන්දය නොදී පාර්ලිමේන්තුවට නොපැමිණ සිටිම මේ රජයේ සියලු දේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම අනුග්‍රාහයකයින් වන බවද ඔහු පැවසීය.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුනානායක මහතා එලඹේන 10 වැනිදායින් පසුව විදුලිය විසන්දි නොකරණ බව පවසන බවත් එය සිංහල අලුත් අවුරුද්දට පවත්වන අවුරුදු උත්සවයක හොදම බොරුව තරගයට ඉදිරිපත් පැවසිය යුතු බවද මන්ත්‍රීවරයා පැවසීය.

10 වැනිදාට රවී කරුණානායක අමාත්‍යවරයා විදුලිය ලබා දී උච්ච වෙන්න උත්සහ ගන්නා බවත් වැටුප් නොමැති වී විදුලි ඉංජිනේරුවරුන් කුමක් හො සිදු කළහොත් මේ රවි අමාත්‍යවරයා නීච වන බවද මන්ත්‍රීවරයා පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *