ඔබාමා ජර්මනියේ සංචාරයක

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ජර්මනියේ සංචාරයක නිරත වුණි.

එහිදී ඔහු යුරෝපයේ තරුණ ක්‍රියාකාරින් පිරිසක් සංවිධානය කළ හමුවකට එක් වී තිබේ.

අමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා ගේ සහභාගීත්වයෙන් මෙම හමුව පැවැත්වුණේ බර්ලින් අගනුවරයි.

එහිදී යුරෝපා තරුණ ක්‍රියාකාරීන් ඔහුව මහත් හරසරින් පිළිගත්තේය.

සංක්‍රමණික අර්බුදය සහ දේශගුණ විපර්යාස මෙහිදී සාකච්ඡා කෙරුණු ප්‍රධාන මාතෘකා අතරට අයත්ය.

මේ හමුවට අනුග්‍රහය දක්වා තිබුණේද ඔබාමා පදනම බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඊට රටවල් 35ක තරුණ නායකයින් 300ක් එක් වූ බව එම වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.

මෙහිදී මාතෘකා කිහිපයක් පිළිබඳව අදහස් දැක්වූ ඔබාමා වත්මන් ලෝකයේ ගැටළු විසඳීමට තරුණ නායකයින් සවිබලගැන්වීමේ වැදගත්කම දැඩිව අවධාරණය කළ බව විදෙස් වාර්තා පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *