එජාපයේ අර්බුදය වැඩිකල් යන්න කලින් එළියට එනවා-ඩිවි චානක

එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇති අර්බුදය හෙට පැවැත්වෙන අය-වැය ඡන්ද විමසීමේදී හෙළිවනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසා සිටියි.

ඊයේ (04) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මහතා මේබව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා,

“අයවැය සම්මත කිරීමට නියමිතව තිබුණා. නමුත් අයවැයක් ගැන කිසිම හැගීමක් රටේ නැහැ.

ගිය අයවැයෙන් මුදල් අමාත්‍යංශයෙන්ම සියයට 80ක මුදලක් ආපස්සට යනවා. මේ මාස අටකට තියෙන අයවැයෙන් සියයට 90ක් ආපස්සට යන බව නම් විශ්වාසයි.

මේ අයැවැය අනිවාර්යයෙන්ම පරාජය කළ යුතුයි. මේ අයවැය ජය ගැනීම ආණ්ඩුවට ප්‍රශ්නයක්. මේ වෙද්දි ඡන්දය ගන්න විවිධ සාකච්ඡා තියෙනවා. වරප්‍රසාද, මුදල් ලබා දෙන්න අත්සාහ කරනවා. බැරිම නන් අයවැයට සහභාගී නොවී ඉන්න හරි වරප්‍රසාද දෙන්න හදනවා. ඒ නිසා ඔබගේ මන්ත්‍රීවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අවබෝධයෙන් ඉන්න.

මලික් සමරවික්‍රම ඇමැතිවරයාගේ වැය ශීර්ෂයට ඡන්දය දෙන්න නොපැමිණි මන්ත්‍රීවරුන්ට විනය පරික්ෂණ ආරම්භ කර තිබෙනවාලු.

එහෙම නම් අපි පරාජය කරපු වැය ශීර්ෂ දෙක සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගත්තේ නැත්තේ ඒ වැය ශිර්ෂ දෙක පරාජය කරන්න ආණ්ඩුවෙනුත් උදව් කරපු නිසාද?

මේක තමයි අද ආණ්ඩුවේ තත්ත්වය. එජාපයේ මන්ත්‍රීවරුන්ට තමන්ගේ ඡන්ද අයිතිය පෙන්වන්න ක්‍රමවේදයක් නැහැ. ඒ පිපිරීම වැඩිකල් යන්න පෙර එළියට එනවා. සමහර විට අයවැය ඡන්දයේදී එළියට එන්නත් පුලුවන්. අපි නම් අනිවාර්යයෙන්ම මේ අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා.”

යනුවෙන් ප්‍රකාශ කර සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *