ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය විවෘත වෙයි

ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානය පසුගිය ඉරිදා සිට මහජනතාවට විවෘත කර ඇත.

එය නැරඹීමට සංචාරකයින් බොහෝ පිරිසක් පැමිණෙමින් සිටින බව විදෙස් වාර්තාවල සඳහන්ය.

උතුරු ඉන්දියාවේ ශ්‍රී නගර්හි පිහිටා තිබෙන ඉන්දිරා ගාන්දි අනුස්මරණ ටියුලිප් උද්‍යානය මෙයයි.

වර්ග 51කට අයත් ටියුලිප් මල් මේ වසරේදී එහි පැමිණෙන සංචාරකයන්ට දැක බලාගත හැකියි.

උද්‍යානය විවෘත කළ දිනයේ සිටම රටේ විවිධ ප්‍රදේශවලින් බොහෝ පිරිසක් එහි පැමිණෙමින් සිටින බවද වාර්තා වෙයි.

වසරේ මේ කාලය තුළදී සාමාන්‍යයෙන් ශ්‍රී නගර්හි ටියුලිප් මල් සුලබව දක්නට ලැබෙන බවද ඉන්දීය වාර්තාවල සඳහන්ය.

මේ හේතුවෙන් එම ප්‍රදේශය පෘථිවියේ පාරාදීසය ලෙසත් මේ කාලවකවානුවේදී හඳුන්වනු ලබයි.

ටියුලිප් මල් සති තුනත් හතරත් අතර කාලයක් මිලින නොවී පැවතියත් තද වැසි හෝ අධික උණුසුමේ බලපෑමෙන් එම කාලසීමාව අඩුවිය හැකි බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *