මැතිවරණ උණුසුම මැද මෝදිගේ සිනමා කෘතියේ පූර්ව පටය මාධ්‍යට

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිත වෘතාන්තය අළලා නිෂ්පාදනය කෙරුණු සිනමා කෘතියක පූර්ව ප්‍රචාරක පටය මාධ්‍ය වෙත නිකුත් කෙරුණි.

ජනප්‍රිය බොලිවුඩ් නළු විවේක් ඔබරෝයි එහි ප්‍රධාන චරිතය නිරෑපණය කරයි.

2014 වසරේදී භාරතීය ජනතා පක්ෂයට ජයග්‍රහණය අත් කරදෙමින් අගමැති ධුරයට පත්වනතුරු අගමැති නරේන්ද්‍ර මෝදිගේ ජීවිතයේ සුවිශේෂී සංධිස්ථාන මෙම සිනමාපටයට ඇතුළත්ව ඇත.

සිනමා නළු විවේක් ඔබරෝයිට අමතරව තවත් රංගන ශිල්පීන් සහ සිනමාපටයේ කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියේය.

අගමැති මෝදි ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති ධුරය දැරූ සමයේ පටන් මුහුණදීමට සිදුවූ අර්බුද හමුවේ ඔහුගේ චරිතයෙන් නිරූපණය වූ අද්විතීය ධෛර්යය සුවහසක් ජනතාවට මහත් ප්‍රබෝධයක් වූ බව මෙහිදී අදහස් දැක්වූ අධ්‍යක්ෂ උමන්ග් කුමාර් සඳහන් කළේය.

සිනමා පටය ලබන අප්‍රේල් මාසයේ 05වැනිදා සිට තිරගතවීමට නියමිතය.

ඉන් සතියකට පසු ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට මේ වන විටත් සියලු කටයුතු සූදානම්ව පවතියි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *