රටේ විදුලි අර්බුදයක් නෑ-අර්බුදයක් පෙන්වීමට උත්සහ ගන්නවා

රටේ කිසිදු විදුලි අර්බුදයක් නොමැති බවත් ඇතැමුන් විදුලි අර්බුදයක් ඇතැයි පෙන්වීමේ උත්සහයක නිරත වීමට උත්සහ කරන බවත් පාරිබෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.

මේ අතර සෝලා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කරගැනීම පිළිබද තවදුරටත් රජයේ අවධානය යොමු නොකලහොත් රටක් ලෙසින් ඉදිරියට යා නොහැකි වනු ඇති බවයි.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා අද දෙරණට අදහස් දක්වමින් කියා සිටියේ, විදුලි කප්පාදුවක් සිදුවීමට පෙර නීතිය අනුව නිසැකයෙන්ම පාරිභෝගිකයා දැනුවත් කළ යුතු බවයි.

මෙවැනි කිසිදු කටයුත්තක් ඉටු නොකර, නොරොච්චෝලේ බලාගාරයේ ඇති වු තත්ත්වයක් මත විදුලිය විසන්ධි කළ බවත්,විදුලි අර්බුදයක් නොමැති නම් එවැනි කප්පාදුවක් සිදු කළේ ඇයි යනුවෙන් සභාපතිවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

විදුලිබල මණ්ඩලය විසින් ජනන සැලැස්මක් සකසා මහජන උපයෝගීතා කොමිසමේ නිර්දේශ මත එළි දක්වා ඇති බවත්, නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක බිඳ වැටීමකින්, මෙගා වොට් 300ක් වැනි ප්‍රමාණයක් අහිමි වීමෙන් මෙරට ජනතාව දුක්විදිය යුතුද යන්න ප්‍රශ්නය ද ඔහු ඇසීය.

මෙගා වොට් 100ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, එනිසා හෙට අනිද්දා වෙන විට පොඩි පොඩි උප පොළවල්වල ට්‍රාන්ස්ෆෝමර් බිඳ වැටෙනු ඇතැයි ද ඒ මහතා පැවසීය.

මෙවැනි හදිසි මිල දී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීමේ අරමුණින් මෙම සියලු කටයුතු සිදු කරන බවටද චෝදනා කළ සභාපතිවරයා, ඉදිරියේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද මේ පිළිබඳ වාර්තාකර කල්පනාකාරී වන ලෙස සිටින්නැයි පවසන බව ද සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *